අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

ජීවිතයේ ජල ප්‍රහාර පාලනය කර ගැනීම

“වමේ සිටින ඔක්කෝම ඉස්සරහට හබල් පාරවල් තුනක් තදින් ගසන්න”. අපගේ ක්‍රීඩා ඔරුවේ නායකයා අපට කීවේය. වමේ සිටි අය තදින් හබල් ගැසුවෝය. කැරකෙන ජල සුලියෙන් ඔරුව ඉවතට ගියේය. පැය කිහිපයකට පසු නායකයාගේ හඬට කීකරු වීමේ වැදගත්කම අපට වැටහුණි. ඔහුගේ ස්ථීර හඬ නිසා අත්දැකීම් නැති හය දෙනෙකු බුර බුරා ගලන නදිය තුළින් ආරක්‍ෂිතව ගමන අවසන් කළෝය.

ජීවිතයේද බුර බුරා එන ජල ප්‍රහාරවලට…

ඉදිකරමින් පවතින

මේ පාර කාපට් කළා විතරයි. රථවාහන පේළියේ වේගය අඩු කරත්ම මට සිතුණි. දැන් නැවත වරක් පාර හාරනවා! පාරවල් සෑදීම නතර නොවන්නේ මන්ද කියා ඉන්පසු මම කල්පනා කළෙමි. මම කියන්නේ “කාපට් දමන ආයතනය මේ පාරෙ වැඩ අවසාන කර තිබේ. මේ කාපට් කරපු පාරෙ විනෝදෙන් රිය පදවන්න” කියා පවසන සංඥා මම කවදාවත් දැකලා නැහැ.

නමුත් ඒ හා සමාන දෙයක් මගේ ආත්මික ජීවිතයේත්…

දුක්ඛිතම පාත්තයා

රථ ගාලේ පාපන්දුවක් තිබෙන්නේ ඇයි? මම හිතුවෙමි. නමුත් මම ලංවෙද්දි මට තේරුම් ගියේ ඒ අළු පාටට හුරු ගුලිය පාපන්දුවක් නොවන බවයි: එය පාත්තයෙක් - මම දැකලා තිබුන දුක්ඛිතම කැනඩා පාත්තයා.

වසන්ත සමයේ මගේ රැකියා ස්ථානය අසල ඇති තණබිමේ පාත්තයන් සමුහ වශයෙන් එක්රැස් වෙති. නමුත් අද හිටියේ එක්කෙනෙක් පමණයි. ඌ උගේ බෙල්ල පිටුපසට ඇද හිස තටුවක් තුළට ඔබාගෙන සිටියේය. කොහේද ඔබෙ…

සෑම ප්‍රස්ථාවක්ම

කවදා හෝ ඔබ මකරෙකු අල්ලා ගෙන තිබේද? මාගේ පුත්‍රයා මාගේ දුරකථනයට ක්‍රීඩාවක් ඇතුළත් කිරීමට උදව් කරන තුරු මම කිසි දාක මකරෙක් අල්ලා ගෙන නොතිබුණි. ලෝකය ප්‍රදර්ශනය කරන ඩිජිටල් සිතියමක් නිපදවා ඇති එම ක්‍රීඩාව ඔබ අසළ සිටින වර්ණවත් සතුන් අල්ලා ගැනීමට ඔබට ඉඩ සළසයි.

බොහෝ ජංගම දුරකථන ක්‍රීඩා මෙන් නොව මීට සංචලනය අවශ්‍ය වේ. ඔබ කොහේ ගියත් එය ක්‍රීඩා පිට්ටනියේ කොටසක්ය.…

පූර්ණ අවධානය

අද තාක්‍ෂණය අපගේ අවධානය නූතන “ආශ්චර්ය” වන අන්තර් ජාලය අපගේ ඇඟිලි තුඩු මනුෂ්‍ය අධ්‍යාපනයේ සමස්ථය වෙත ප්‍රවේශය විශ්මිත ලෙස ලබා දෙයි. නමුත් බොහෝ දෙනෙකුට එම අඛණ්ඩ ප්‍රවේශයට අධික මිළක් ගෙවීමට සිදුවේ.

කර්තෘ ලිංඩා ස්ටෝන් වැකිකඩක් සාදා තිබේ. එය “අර්ධ, අඛණ්ඩ, අවධානය” යනුයි. ඉන් විස්තර වන්නේ
“එහි වන්නේ කුමක්ද?” කියා යමක් මග නොහැරෙන පිණිස දැන ගැනීමේ නූතන පෙළඹවීමයි. ඉන් දැඩි කණස්සල්ල…

ඇලවෙන කුළුණ

ඉතාලියේ පීසා හි පිහිටි සුප්‍රසිද්ධ ඇලවෙන කුළුණ ගැන ඔබ සමහර විට අසා ඇත. නමුත් සැන් ෆ්‍රැන්සිස්කෝහි ඇලවෙන කුළුණ ගැන ඔබ අසා තිබේද? එයට සහස්‍ර කුළුණ කියාද කියනු ලැබේ. එය සාදන ලද්දේ 2008 දීය. මෙම තට්ටු 58 ක කුළුණ අහංකාරවත්ව නැගී සිටින නමුත් එය මදක් ඇලව තිබේ. එය ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගර මධ්‍යයේය.

ගැටළුවක් තිබේ. ඉංජිනේරුවරුන් අත්තිවාරම නියමිත ගැඹුරට නොදැම්මෝය. දැන්…

....... ඇණවල ස්වාමින්වහන්සේ

මම මෝටර් රථයට ගොඩවන විට දිලිසෙන යමක් මාගේ ඇස ගැටුණි. පසුපස ටයරයේ පසෙක ඇණයක් ගිලී තිබුණි. මම කණ තබා බැලීමි. හුළං පිටවන ශබ්දයක් නොඇසුණි. ඒ මොහොතට සහනයක් සළසමින් ඇණයෙන් කුහරය සිරවී තිබුණි.

මා ටයර් කඩයකට යන අතර කල්පනා කළේ එම ඇණය කොපමණ කාලයක් එහි තිබෙන්න ඇත්ද? දින ගණනක්? සති ගණනාවක්? මා නොදැන සිටි තර්ජනයකින් මා කොතරම් කාලයක් ආරක්‍ෂාවන්න ඇද්ද? කියාය.…

තාත්තේ ඔබ කොහේද?

“තාත්තේ ඔයා කොහේද?” මම අපගේ වත්තට මෝටර් රථය ඇතුල් කරන විටම මාගේ දියණිය කලබලයෙන් මාගේ ජංගම දුරකථනයට කථා කළාය. සවස 6.00 වන විට මා නිවසට පැමිණිය යුතු විය. ඒ ඇයව පුහුණුවකට ගෙන යාමටය. මම වෙලාවට පැමිණ සිටියෙමි. මාගේ දියණියගේ කටහඬ ඇගේ අවිශ්වාසය ඉස්මතු කළේය. ප්‍රතික්‍රියාවක් ලෙස “මම මෙහේ! ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ” කියා ඇසුවෙමි.

නමුත් මා ඒ වචන…

අල්ලාගෙන සිටින්න

මාගේ මාමා මෑතකදී 78 වන වියට පා තැබීය. ඔහුට ගෞරව කිරීම පිණිස අප පැවැත්වූ පවුලේ උත්සවයේදී කෙනෙකු ඔහුගෙන් ඇසුවේ “ඔබ මෙතෙක් කල් ඉගෙන ගත් වැදගත්ම දෙය කුමක්ද?” කියාය. ඔහුගේ පිළිතුර වූයේ “අල්ලා ගෙන ඉන්න” යන්නයි.

“අල්ලාගෙන ඉන්න”. එම වචන සරළ වැඩියයි සිතා අපට ඉවත දැමිය හැකිය. මාගේ මාමා අන්ධ ශුභවාදය හෝ ධනාත්මක චින්තනය හෝ ප්‍රචාරණය කළා නොවේ. දශක අටක කාලය…

දිනන්නේ කවුද කියා අප දන්නා විට

මාගේ පරිපාලක තුමා එක්තරා විද්‍යාල පැසිපන්දු කණ්ඩායමකට විශාල ලෙස සහයෝගය දක්වන්නෙකි. මේ වසරේ ඔවුන් ජාතික කිරුළ දිනාගත්තෝය. එවිට තවත් හවුල් සේවකයෙකු ඔහුට සුභ පතා විද්‍යූත් පණිවුඩයක් යැවීය. ගැටළුව නම් මාගේ පරිපාලකතුමාට අවසන් තරඟය නැරඹිමට එතෙක් නොහැකි වීමය. ඔහු අසහනයට පත්වී සිටියේය. ඊට හේතුව ක්‍රිඩාව දැකීමට පෙර ප්‍රතිඵලය දැන ගැනීමය. නමුත් ඔහු කිවේ ක්‍රීඩාව නරඹන විට ඔහු ප්‍රතිඵලය දැන ගෙන සිටි…